online ණය වංචා
අද වන විට පවතින අර්ථක අර්බුදය නිසාවෙන් මිනිසුන්ගේ ජීවිතේ දෛනික ජීවිතයට ගෙනයාමට පවා අපහසු තත්ත්වයක් පවතී.දෛනිකව නිවසේ ආහාර වේල සපුරා ගැනීමට අමතරව නිවසේ දූදරුවන්ගේ අධ්‍යාපනය කටයුතු පිළිබඳ විශාල අර්බුදකාරී තත්ත්වයකට ජනතාව මුහුණ දෙමින් පවතී. මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් තුළින් ජීවනෝපාය පවත්වාගෙන යෑමට විකල්පයක් ලෙස ණය මුදල් ලබා ගැනීමට ජනතාව කටයුතු කරනු ලැබීම සාමාන්‍ය තත්ත්වයකි.ණය ලබා ගැනීමේ දී රජයේ සහ පුද්ගලික බැංකුවලට අමතරව මහ බැංකුවෙන් අනුමත කරන ලද මූල්‍යායතන භාවිතා කිරීම ආරක්ෂිත පියවරකි.නමුත් අද වන විට ආර්ථක අර්බුද තත්වය සමඟන් එම මූල්‍ය ආයතනවල ඉහළ පොලියක් අය කිරීම එ සදහා නිසා ජනතාව විශාල පීඩාවට පත්වීමක් දක්නට පවතී. ඊටත් අමතරව ණය මුදල් ලබා ගැනීමේදී ඒ වෙනුවට ඇපකර අත්සන් කිරීම සහ ණය ක්‍රියාවලියට අමතරව විශාල කාලයක් ගතවිම නිසාවෙන් ජනතාව එ සදහා ඉක්මන් ක්‍රම උපයෝගී කර ගනී. ජනතාවගේ මෙම අර්ථකමය අර්බුදකාරි තත්ත්වය උපයෝගී කරගෙන ඉතා වංචනික ලෙස online ණය ලබාදීමේ කටයුතු මේ වන විට ඉතාමත් බහුලව දක්නට ලැබේ.කිසිම ලියකිවිල්ලක් නොමැතිව ඉතා ඉක්මනින් ණය දෙන ලෙසට ආකර්ෂණීය ලෙස සමාජ මාධ්‍යයෙහි දැන්වීම් පළකර තිබීම ඉතා සුලභව දක්නට ලැබේ.රුපියල් පන්දහසේ සිට ඊට වඩා ඉහල ගණන් දක්වා මෙම online ණය ලබාදීම මෙම ආයතන විසින් සිදුකරනු ලබයි.පහසුවෙන් සහ විශ්වාසදායික ලෙස මෙම online ණය ලබාදීම සිදුකරන ලෙස ප්‍රචාරණය ලබා දුන්නද එය එසේ නොවේ ණයකරුවන්ගේ පුද්ගලිකත්වය පවා විනාශ කිරීමට කටයුතු කරන online ණය මගඩියක් ලෙස හඳුනාගත හැකිය.මෙම ඉක්මන් ණය ලබා ගැනීමේ දී ඉතා අධික පොලියක් අය කිරීම දක්නට ලැබෙන අතර ඊට අමතරව ණය සහ පොලිය නොගැවීමය නිසාවෙන් වැල් පොළියද ගැලපිම සිදු කිරීම තුළ ණයකරුවත් තවත් දැඩි අපහසුතාවයට පත්වේ.
මෙහි ඉතාමත්ම දරුණු තත්වය නම් ණය ලබා ගන්නා පුද්ගලයින්ගේ පුද්ගලිකත්වය පවා උපයෝගී කරගෙන එය අවභාවිතාවට ලක් කිරීමට කටයුතු කිරීමයි.උදාහරණයක් හැටියට ණය ලබා ගැනීමේදී දුරකථන ඇප් mobile app උඩුගත Download කර ගැනීම මගින් ඒ සඳහා පුද්ගලික තොරතුරු ලබාදීම තුළ හැක්කිරීමකට Hack ලක් කිරීමක් සිදු කරනු ලබයි.මෙහිදි email password,contact list ආදී පුද්ගලික තොරතුරු ලබා ගැනිමක් සිදු කරනු ලබයි.මේවා ලබා ගැනිම තුළ ණය මුදල් සහ පොළිය ණයකරුවන් ලබාදීම පමා වූ විට බ්ලැක්මේල් blackmail කිරීම පවා සිදු කරනු ලබන බව ජනතාව තොරතුරු ලබාදී ඇත. ලැබිය සිදුකර ඇති බවට වාර්තාවේ.මෙම ආයතන වලින් ඔබ ඉතා ඉහළ පොලියක් වාර්තාව වන අතර රුපියල් 5000ක ණය මුදලක් ලබා ගත්තොත් මුදලක් වශයෙන් අමතරව රුපියල් 2000ක් සතියකට මුදලක් පොලීය වශයෙන් අය කරනු ලබන බව සදහනේවේ.කලින් පැවසූ ආකාරයටම මෙහි ඉතා අනපේක්ෂිත ආකාරයට පුද්ගලික තොරතුරු හැක්කිරීමට Hack කිරිමකට ලක්කර ගැනීම සහ එම ආයතනය සතුකර ගැනීම තුළින් ඔවුන්ට විශාල වශයෙන් පීඩාවට ලක්වීමට සිදුවන සිදුවිමි මේ වන විටත් වර්තාවේ. මෙම ණය ලබගත් පුද්ගලයන් ඇප් app මෘදුකාංගය ස්ථාපනය install කර ගැනීමේ ක්‍රියාවලියේදි පුද්ගලික තොරතුරු මුරපදයන් passward ආදිය මෙම ආයතන තුළින් ස්වයංක්‍රීයව auto ලබා ගැනීම සිදුකරනු ලබයි.
ණය මුදල පියවා ගැනීමට කටයුතු කිරීමේදී එම අදාළ පුද්ගලයාගේ හෝ තැනැත්තියගේ අයිඩින්ටී කාඩ් id card එක සමඟ සෙල්ෆි selfie ඡායාරූපයක් එම ආයතන විසින් ලබා ගනී.ණය මුදල ලබාදීම සහ පොලිය ලබාදීම ප්‍රමාද කරොත් එම ඡායාරූප සමාජ මාධ්‍ය වට්සැප් ගිණුම් වලට මුදා හැරීම සිදුකරනු ලබයි.එවාගේම එම ඡායාරූපයන් සංස්කරණය Edit කොට සමීපතයින්ගේ වටිස්ඇප් Whatsapp ගිණුමි වලට සමාජ මාධ්‍යවලට මුදා හැරීම ඉතාමත්ම දරුණු තත්ත්වයක් ලෙසට වර්තාවේ.ඒවගේම මුදල් ගෙවීමට අපහසු පුද්ගලයින්ට ප්‍රමාද වන පුද්ගලයින්ට දුරකථනය ඇමතුම් රාශියක් ලබාගෙන ඉතා අමානුෂික ලෙස ඇමතීම ම සහ සමීපතයන්ට කතාකොට ඔවුන් දුෂිතයන් ලෙස හංවඩු ගැසීම් සිදුකරනු ලබන බව වර්තාවේ.
Comments
Post a Comment