අරගලයෙන් පසු උද්ඝෝෂණ තහානමිද?


ජන සමාජයක පුරවැසියෙකුට එකග වීමේ සහ එකග නොවන දේට විරුද්ධ විමේ අත්නොහැරිය හැකි ආයිතියක් තිබේ.ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක පැවැත්ම සඳහා
භාෂණයේ ප්‍රකාශනයේ නිදහස මෙන්ම එහිම දිගුවක් වන රැස් විමේ සහ උද්ඝෝෂණය කිරිමේ නිදහස තිබිය යුතුය.එය ආණ්ඩුකරම ව්යවස්ථාවේ 14(1) වගන්තියෙන් මූලික අයිතිවාසිකමක් ලෙස සුරක්ෂිත කොට තිබේ.රජාතන්තරවාදී සමාජයක පැවැත්ම සඳහා මෙම නිදහස අත්යවශ්යයෙන්ම අරාක්ෂිතව තිබිය යුතුය.එක්සත් ජාතීන්ගේ මිනිස් අයිතිවාසිකම් පිළිබඳ විශ්ව රකාශනයේ 20 වැනි ව්යවස්ථාවෙන් රැස්වීමේ නිදහස මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තිබේ.සාමකාමි උද්ඝෝෂණ පුරවැසියාගේ මුලික ආයිතිවාසිකමක් වන අතර එය නවත්වාලිමට පෝලිස් පණත යොදාගෙන අධිකරණ නියෝග ලබා ගැනීම ජනතාවගේ  මූලික අයිතිවාසිකම්  උල්ලංඝනය කිරීමක් ලෙසට දැක්විය හැකිය.ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 14 (1) වගන්තිය අනුව ඕනෑම පුරවැසියෙකුට භාෂණයේ,නිදහස හිමිවේ.මෙහිදි භාෂණයේ නිදහස යනු පුද්ලයකුට හෝ හෝ පිරිසකට මතයක් පළ කරන්නට ඇති හැකියාව සහ සන්නිවේදනයේ යෙදීමට ඇති නිදහසයි.14 වැනි වගන්තිය යටතේම ඇති තවත් වැදගත් අයිතිවාසිකමක් වන්නේ ඕනෑම පුරවැසියෙකුට පොදු රුස්වීමකට සහභාගී වීමට,පාගමනකට,පෙළපාලියකට සහභාගී වීමට ඇති අයිතියද තහාවුරු කොට ඈත. අනුව දේශපාලන රැස්වීම් පැවැත්වීම, උද්ඝෝෂණවල නිරතවීමේ අයිතිය හා නිදහස ජනතාවට හිමිවේ.එවාගේම  මේ සියලු දෑ සාමකාමීව හා නීතිමය සීමා හෝ වෙනත් පුද්ගලයන්ගේ නිදහස උල්ලංඝණය නොවන ආකාරයට සිදුකළ යුතු බවද එහි සඳහන්ය.

 

නමුත් පසුගිය අර්ථක අර්බුදය නිසාවෙන් හටගත් අරගලසමය සහ ඉන් පසුව පාශ්චාත් ගෝල්ෆේස් අරගල සමය තුළද උද්ඝෝෂණය කිරිමේ ආයිතිය විශාල වශයෙන් සිමා කිරිමකට සහ මර්දනය කිරිමට අණ්ඩුව කටයුතු කොට ඇත.කොළඹ අවට ඉදිකර තිබූ ඇතැම් මාර්ග බාධකවල උද්ඝෝෂකයන්ට මාරාන්තික තුවාල සිදුවිය හැකි පරිදි උල් ඇණ සවිකොට ඒවා නොපෙනෙන ලෙස ඉටිරෙදිවලින් ආවරණය කර තිබෙනු දැකිය හැකි විය.මේ සම්බන්ධයෙන් ශ්රී ලංකා නීතීඥ සංගමයේ අවධානය යොමු වූ අතර පොලිස්පති,පොලීසිය හා සන්නද්ධ හමුදා ඕනෑම තත්ත්වයකදී ක්රියා කළ යුත්තේ විරෝධතාකරුවන්ගේ හා ජනතාවගේ ආරක්ෂාව සහතික වන අයුරින් යැයිද,සාමකාමි උද්ඝෝෂණ පැවැත්වීමේ අයිතිය මෙන්ම නිදහසේ ගමන් කිරීමේ අයිතියද ඔවුනට ඇති බවද ආණ්ඩුවට නිවේදනයක් මගින් දන්වා තිබිණි.එහිදි උද්ඝෝෂණ මර්දනය කිරිම සහ එවා සිදු කිරිමට ගන්නා ලද උපක්රම ආදීය හදුනා ගත හැකිය.සාමකාමි උද්ඝෝෂණ පුරවැසියාගේ මුලික ආයිතිවාසිකමක් වන අතර එය නවත්වාලිමට පෝලිස් ආඥා පනත යොදාගෙන අධිකරණ නියෝග ලබා ගැනීම ජනතාවගේ  මූලික අයිතිවාසිකම්  උල්ලංඝනය කිරීමක් ලෙසට දැක්විය හැකිය.

රඹුක්කනදී පොලීසිය විසින් ජනතාවට උද්ඝෝෂණ කිරීමට ඇති අයිතිය වළක්වාලිමට කටයුතු කොට තිබුණහ.එහිදි පොලිසිය අවම බලය යොදවා තත්වය පාලනය කිරිමට කටයුතු යෙදු බව පැවසුවද සිද්ධිය දුටුවන් ප්රකාශ කරනු ලැබුවේ පොලිසිට නිරායුද මිනිසකු එළවාගෙන ගොස් පිටුපසින් වෙඩි තබා මරා දැමීමට කටයුතු කළ බවයි.එවාගේම උද්ඝෝෂණ වලට පරණ කඳුළු ගෑස් එල්ල කිරිම සහ එවා පුරවැසියන්ට හානිදායක වන ආකාරයට එල්ල කිරිම නිසාවෙන් සිදුවු අනතුරුද මිනිස් ඝතනයන්ද වාර්තා විය.

  •  අරගල සමයේ උද්ඝෝෂණ වලට පහාරදිමි සහ වර්තාවු මිනිස් ඝතනයන්
  • (රඹුක්කන සිදුවිම,මිරිහාන සිදුවිම,අප්‍රේල් 9 ගෝල්ෆේස් අරගල භුමීයට පහාර දීම)
  •  ගෝල්ෆේස් පාශ්චාත් අරගල සමයේ උද්ඝෝෂණ මර්දනය කිරිමි
  • ගෝල්ෆේස් අරගල භුමීයේ පිරිස් වලට පහාරදී එලවිම.
  • වෛද් සිසුන් උද්ඝෝෂණයට බාධා.
  • වසන්ත මුදලි උද්ඝෝෂණයක් සිදු කිරිමේදි අත්අඩංගුවට ගෙන ත්රස්ත්රවාදි පනත යටතේ සිරගත කිරිම
  • දෙමළ ජනතාවගේ වෙනුවෙන් කරමු පෝෂණය උතුරේ යුද්ධයේදි මිය ගිය ජනතාව වෙනුවෙන් උද්ඝෝෂණය
  • ජාතික ජන බලවේගයෙහි උද්ඝෝෂණයට කඳුළු ගෑස් එල්ල කිරිම පුද්ගලයෙකු මරණයට පත්ව තවත් පිරිසක් තුවාල ලැබිම.
  • නුර්ගේ උද්ඝෝෂණයට බාධා පැමිණවිම සහ අත්ඩංගුවට ගැනිම.
  • නිදහස් දින උතුරේ පැවැත්වු උද්ඝෝෂණ විරෝධතා වලට බාධා එල්ල කිරිම.
  • කොළඹ කොටුව ඉදිරිපිට පැවැති උද්ඝෝෂණය මාධ්යවේදි ශාන්ත විජේසුරියට බාධා.
  • පොලිසිය මහබැංකු වූ ඉදිරිපිට පැවැති උද්ඝෝෂණය දී පැහැර ගැනීම.
  • දෙමළ ජනතාවගේ වෙනුවෙන් කරමු පෝෂණය උතුරේ යුද්ධයේදි මිය ගිය ජනතාව වෙනුවෙන් උද්ඝෝෂණය
  • වසන්ත මුදලි උද්ඝෝෂණයක් සිදු කිරිමේදි අත්අඩංගුවට ගෙන ත්රස්ත්රවාදි පනත යටතේ සිරගත කිරිම
  • නුර්ගේ උද්ඝෝෂණයට බාධා පැමිණවිම සහ අත්ඩංගුවට ගැනිම.
  • අන්තරේ උද්ඝෝෂණ වලට බාධා එල්ල කිරීම කැලණිය විශ්ව විද්යාලය තුළට සහ කොළඹ විශ්වවිද්යාලය තුලට කඳුළු ගෑස් ජල ප්රහාර එල්ල කිරිම.


                                                                       Video


                                       
                                                                         photos






අරගලය සමයේ උද්ඝෝෂණ විරෝධය පළ කරනු ලැබු ජනතාවට එල්ලවු රාජ්‍ය මර්දනය ඊට 
වඩා දහාස් ගුණයකින් වඩාත් උත්සන්නවී ජනතාව වෙත මුදා හරින බව  කරුණු අධ්‍යණය කිරිමේදි පෙන්නුමි කරයි.ජනතාව නිදහස ප්‍රජාතන්ත්‍රවාදය  අර්ථක නිදහස ඉල්ලා කැ ගසන විට,උද්ඝෝෂණය කරන විට ඔවුන්ට මර්දනයේ හස්තය දිගු කරයි නමි ජනයාගේ පුරවැසියාගේ අයිතිවාසිකම් ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය තවදුරටත් සිදුවනු ඇත.




Comments

Popular posts from this blog

ලරාගේ වර්තාව සුරක්ෂිතයි.

ලෙබනන් ඊශ්‍රායාල යුදමය තත්වයට වහාම සටන් විරාමයක් අවශ්‍ය බව එංගලන්ත අගමැති කියයි.