ලෙබනන් ඊශ්‍රායාල යුදමය තත්වයට වහාම සටන් විරාමයක් අවශ්‍ය බව එංගලන්ත අගමැති කියයි.
ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම් අතර සටන් උත්සන්න වීමත් සමග එක්සත් රාජධනියේ අගමැති කීර් ස්ටාමර් Keir Starmer ලෙබනනයේ වහාම සටන් විරාමයක් ඉල්ලා සිටිම වේගවත් කොට ඇත."ප්‍රචණ්ඩත්වය නවත්වන්න.පසුපසට යන්න "Stop the violence. Step back from the brink." ලෙස සටන් වල තාවකාලික විරාමයක් සදහා වු ජාත්‍යන්තර යෝජනාව ඊශ්‍රායල ඇමතිවරුන් විසින් ප්‍රතික්ෂේප කළද එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සිය මංගල කතාවේදි එහි අවශ්‍යතාව පෙන්වාදී ඇත.සටන් විරාමය මැදපෙරදිග කලාපීය ගැටුමක් ඇතිවිම වැලැක්වීම සදහා රාජ්‍ය තාන්ත්‍රික විසදුමක් සදහා අවකාශය සලසන බව කීර් ලෝක නායකයන්ට පවසා ඇත.දශක ගණනාවක් පවතින දේශසිමා ප්‍රහාරවල උත්සන්න විමත් සමග ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර සම්පුර්ණ යුද්ධයක් ඇතිවිමේ භීතිය ඉහළ ගොස් ඇත.
ප්‍රදේශීය බලධාරින්ට අනුව පසුගිය සදුදා සිට ලෙබනනයේ ඊශ්‍රායාල ගුවන් ප්‍රහාර නිසාවෙන් පුද්ගලයින් 600කට වඩා වැඩි ප්‍රමාණයක් මිය ගොස් ඇති බව පැවසේ.හිස්බුල්ලා සංවිධානය ඊට ප්‍රතිචාර වශයෙන් උතුරු ඊශ්‍රායාලයට රොකට් සිය ගණනක් එල්ල කර ඇත.එක්සත් රාජධානිය එක්සත් ජනපදය සහ අනෙකුත් මිත්‍ර රටවල් ඇතුළුව රටවල් 12 කණ්ඩායමක් සති තුනක සටන් විරාමයක් ඉල්ලා ඇති අතර එය ඊශ්‍රායාල දේශපාලනඥයන් විසින් ප්‍රතික්ෂේප කොට ඇත. ඊශ්‍රායාල අගමැති බෙන්ජමින් නෙතන්යානු Benjamin Netanyahu පසුගිය බ්‍රහස්පතින්දා නිවියෝර්ක් වෙත පැමිණෙන විට පුර්ණ බලයෙන් දිගටම සටන් කරන ලෙස රටේ හමුදාවට පවසා ඇත.
එහිදි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් කීර් පැවසුවේ රාජ්‍ය තාන්ත්‍රික සමථකයකට ඉඩ සැලසීම සදහා වහාම සටන් විරාමයක් අවශ්‍ය බවයි."ගැටුම කිසිවෙකුට පාලනය කළ නොහැකි සහ අප කිසිවකුට පුරෝකථනය කළ නොහැකි ප්‍රතිවිපාක ඇති යුද්ධයක් දක්වා පැතිර යා හැකි බවට ඔහු අනතුරු ඇගවිය.එවාගේම ඔහුගේ කතාවේදි එක් තැනක ප්‍රකාශ කර සිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ජත්‍යන්තරවාදයට,නීතියේ ආධිපත්‍යයට යලි කැපවීමෙන් එක්සත් රාජධානිය වගකිවයුතු ගෝලීය නායකත්වයට පොරොන්දු විය.
ගසා තීරයේ යුද්ධයෙන් ඇවිලුනු ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර සතුරුකම් ආරම්භවු දා සිට ඊශ්‍රායලය ජාතිකයන් 70000ක් පමණ රටේ අවතැන්වී ඇත.ලෙබනනයේ සදුදා සිට පුද්ගලයන් 90000ක් පමණ අවතැන් වී ඇති අටර 110000ට අමතරව දැනටමත් තම නිවෙස්වලින් පලා ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.ගැටුම් උග්‍රවිම හේතුවෙන් ලෙබනනයේ සිටින බ්‍රිතාන්‍යය ජාතිකයන්ට වහාම පිටව යන ලෙස එක්සත් ජාතීන්ගේ රාජධානිය ඉල්ලා ඇත.
පසුගිය බ්‍රහස්පතින්දා දේශසිමා හරහා සටන් දිගටම පැවති අතර ඊශ්‍රායාල හමුදාව ලෙබනනයේ දකුණු හා නැගෙනහිර කොටස්වල සහ ලෙබනන්-සිරියානු දේශසීමාවේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දුන් බව ප්‍රකාශ කළේය.මේ අතරතුර හිස්බුල්ලා සංවිධානය ප්‍රකාශ කළේ කිර්යාටි අටා Kiryat Ata settlement ජනාවාස දෙසට රොකට් 50ක් සහ උතුරු ඊශ්‍රායාලයේ සෆේඩි city of Safed, city නගරය දෙසට මිසයිල 80ක් එල්ල කළ බවයි.එවාගේම මෙම හිස්බුල්ලා සංවිධානයට එල්ල කරනු ලබන ප්‍රහාර වලින් සතුරු ප්‍රදේශයට ඇතුල් වීමට හැකිබව ඊශ්‍රායල හමුදා ප්‍රධානියා පැවසිය.

Comments
Post a Comment