Posts

Showing posts from September, 2024

ලෙබනන් ඊශ්‍රායාල යුදමය තත්වයට වහාම සටන් විරාමයක් අවශ්‍ය බව එංගලන්ත අගමැති කියයි.

Image
 ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම් අතර සටන් උත්සන්න වීමත් සමග එක්සත් රාජධනියේ අගමැති කීර් ස්ටාමර් Keir Starmer ලෙබනනයේ වහාම සටන් විරාමයක් ඉල්ලා සිටිම වේගවත් කොට ඇත."ප්‍රචණ්ඩත්වය නවත්වන්න.පසුපසට යන්න "Stop the violence. Step back from the brink." ලෙස සටන් වල තාවකාලික විරාමයක් සදහා වු ජාත්‍යන්තර යෝජනාව ඊශ්‍රායල ඇමතිවරුන් විසින් ප්‍රතික්ෂේප කළද එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සිය මංගල කතාවේදි එහි  අවශ්‍යතාව පෙන්වාදී ඇත.සටන් විරාමය මැදපෙරදිග කලාපීය ගැටුමක් ඇතිවිම වැලැක්වීම සදහා රාජ්‍ය තාන්ත්‍රික විසදුමක් සදහා අවකාශය සලසන බව කීර් ලෝක නායකයන්ට පවසා ඇත.දශක ගණනාවක් පවතින දේශසිමා ප්‍රහාරවල උත්සන්න විමත් සමග ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර සම්පුර්ණ යුද්ධයක් ඇතිවිමේ භීතිය ඉහළ ගොස් ඇත.  ප්‍රදේශීය බලධාරින්ට අනුව පසුගිය සදුදා සිට ලෙබනනයේ ඊශ්‍රායාල ගුවන් ප්‍රහාර නිසාවෙන් පුද්ගලයින් 600කට වඩා වැඩි ප්‍රමාණයක් මිය ගොස් ඇති බව පැවසේ.හිස්බුල්ලා සංවිධානය ඊට ප්‍රතිචාර වශයෙන් උතුරු ඊශ්‍රායාලයට රොකට් සිය ගණනක් එල්ල කර ඇත.එක්සත් රාජධානිය එක්සත් ජනපදය සහ අනෙකුත් මිත්‍ර රටවල් ඇතුළුව ‍රටව...