අරගලයෙන් පසු උද්ඝෝෂණ තහානමිද?
ජන සමාජයක පුරවැසියෙකුට එකග වීමේ සහ එකග නොවන දේට විරුද්ධ විමේ අත්නොහැරිය හැකි ආයිතියක් තිබේ.ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක පැවැත්ම සඳහා භාෂණයේ ප්‍රකාශනයේ නිදහස මෙන්ම එහිම දිගුවක් වන රැස් විමේ සහ උද්ඝෝෂණය කිරිමේ නිදහස තිබිය යුතුය.එය ආණ්ඩුක ් රම ව් යවස්ථාවේ 14(1) වගන්තියෙන් මූලික අයිතිවාසිකමක් ලෙස සුරක්ෂිත කොට තිබේ . ප ් රජාතන්ත ් රවාදී සමාජයක පැවැත්ම සඳහා මෙම නිදහස අත් යවශ් යයෙන්ම අරාක්ෂිතව තිබිය යුතුය . එක්සත් ජාතීන්ගේ මිනිස් අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප ් රකාශනයේ 20 වැනි ව් යවස්ථාවෙන් රැස්වීමේ නිදහස මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තිබේ . සාමකාමි උද්ඝෝෂණ පුරවැසියාගේ මුලික ආයිතිවාසිකමක් වන අතර එය නවත්වාලිමට පෝලිස් පණත යොදාගෙන අධිකරණ නියෝග ලබා ගැනීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙසට දැක්විය හැකිය . ආණ්ඩුක් රම ව් යවස්ථාවේ 14 (1) වගන්තිය අනුව ඕනෑම පුරවැසියෙකුට භාෂණයේ , නිදහස හිමිවේ . මෙහිදි භාෂණයේ නිදහස යනු පුද්ලයකුට හෝ හෝ පිරිසකට මතයක් පළ කරන්නට ඇති හැකියාව ...