"ලසිත් මලිංග සහ මධ්‍ය ජනමතය ජනාධිපති සහ හිටපු ජනාධිපතිට පාඩම්"




ලසිත් මාලිංග යනු මෙරට්න් බ්හිවු සුවිශේෂී පන්දු යවන්නෙක් මෙන්ම පිට්ය තුළ අග්‍රගණ්‍ය දක්ෂතා ප්‍රකට කළ ක්‍රිඩකයෙකි.චම්න්ද වාස්ගෙන් පසුව අප මතකයේ තදින්ම කා වැදුන වේග පන්දු යවන්නා මාලිංග යැයි කිම අතිශේක්තියක් නොවේ.මාලිංග යනු හුදෙක්ම දක්ෂ ක්‍රිඩකයෙක් පමණක් නොව ක්‍රිකට් සංස්කෘතියකි.මන්දයත් ඔහුටම ආවේණික පන්දු යැවීමේ රටාවකට පුරුදු සිට් ඔහු අනෙක් ක්‍රිඩකයන්ට වඩා පහළින් සිය දකුණත කරකවා පිතිකරුවා වෙත පන්දුව යැවීමට සමත්කම් ලද්දෙකි.අනෙක් කාරණාව නම් කැරලිකර කොන්ඩ ව්ලාසිතාවකින් තඹ පැහැති කොන්ඩයකින් සැරසී මාලිංග ක්‍රිකට් සංස්කෘතියක් බ්හි කළා යැයි කිම අතිශේක්තියක් නොවේ.2007 ලෝක කුසලාන වාරය බටහිර ඉන්දිය කොදෙව් දුපත්හි පැවති ආතරම ශ්‍රී ලංකා කණ්ඩායම ආවසාන මහා තරගය දක්වා දිගු ගමනක්ද ලසිත් මාලිංග තම පළමු ලෝක කුසලාන කඩුලු ත්‍රිත්වය දකුනු අප්‍රිකාවට එරෙහිව ලබා ගැනිමට සමත් වුවේද මෙහිදිය.බටහිර ඉන්දිය කොදෙවවන් මාලිංගට සැලකුවේ තම රටේ පුද්ගලයෙකු ආකාරයෙන් වන අතර එ ඉහත සදහන් කළ ඔහුටම ආවේණික ක්‍රිකට් සංස්කෘතික ලක්ෂණ නිසාය.ඉන් පසුව මාලිංග ක්‍රිකට් ජිවිතේ ව්ව්ධ හැල හැප්පිම් මත ලෝක වර්තා,කුසලාන ජයග්‍රහණ දක්වා ඉටු කළ මෙහෙය ප්‍රශාංසනිය වේ.

ලසිත් මාලිංග ගැන වර්තා තොරතුරු වර්තා මේ මොහොත තුළ රාශියක් පළ වන ආතර එම කරුණු වලට සපේක්ශව වෙනත් දිශානතියකට ගෙන යාමට උත්සහායක් දැරිම වැදගත්ය.මාලිංගට වර්තමානයේ  මධ්‍යා තුළින් ව්ශාල ලෙස ගුණ වැයෙන ආතරම එනම් සමාජ මධ්‍යා එ අතුරින් ප්‍රධාන තැනක් ගනි. රුපවාහිනිය හා පුවත් මධ්‍යා තුළද තත්වය එසේය.එහෙත් ම්ට වසර කිහිපයකට පෙර සිදුවු සිද්ධියක් පිළිබඳව ඔබගේ අවධානය යොමුකිරීමට කැමතිය.එනම් ක්‍රිකට් පාලක මණ්ඩලය සමග ක්‍රිකට් ක්‍රිඩකයන් සාකච්ඡා කොට අවසන් කර පැමිණෙන මොහොතකි.රුපවාහිනි මධ්‍යවේදින් මාලිංග වෙත කැමරා සහ මයික්ක්‍රිප්‍රෝන දිගු කරන්නේ එහිදි සිදුවුවේ කුමක්ද යන්න ඇසීමටය.මාලිංග සැලකිල්ලකින් තොරව උත්තර ලබා දෙන ආතර එය ඔහුගේ ව්ලාසයකි.යලිත් මධ්‍යවේදින් සංයමයෙන් ප්‍රශ්න ආසන අතර ඉතා නොසන්සුන් ලෙස ලසිත් උත්තර ලබාදෙයි.සියලු දේ රුපවාහිනි කැමරාවේ පට්ගත වන අතර ඔහු මධ්‍යවේදින්ට ඉවතට වෙන ලෙස ප්‍රකාශ කොට සිය රථයට නැගි යන්නේ ජෙත්තුකාර ආකරයකිනි.
ඉන්පසුව එම සාකච්ඡාව අවසන් ව් සංගක්කාර සහ චන්දිමල් යන ක්‍රිඩකයෝ දෙදෙනාද පැමිණ මධ්‍යය වෙත අදහස් දක්වන ආකාරය මතකය.එහිදි ඔවුන් ඉතා සංයමයෙන් පිළිතුරු ලබාදෙන ආතර මේ සියල්ල රුපවාහිනි කාචයේ පට්ගතවේ.සංගක්කාර පිළිතුරු ලබාදෙන්නේ සුපුරුදු ආකාර්ශනිය ව්ලාශයටම වන අතර එම ක්‍රිඩකයන්ද රථයට ගොඩ නැග ඉවත්වේ.

ඉන් පසුව සංග්‍රමය පටන් ගැනිමට නියම්තය.පසුදින සිට සතියක් හමාරක් යනකම් මධ්‍ය තුළ කතා කළේ ලසිත්ගේ කතා ව්ලාශයයි.මෙහිදි සුවිශේෂී සිද්ධිය නම් රාජ්‍ය මධ්‍ය සහ පුද්ගලික මධ්‍ය සියල්ල එකට එකතුව් ඔහුව ව්වේචනය කිරිමයි.එනම් යුද්දය පැවති අවසන් සමයේදි රජ්‍ය මධ්‍යා සහ පුද්ගලික මධ්‍ය මාතවාදිව සාමපාතවු ආකාරයට මේ සිදුව්මේදි කටයුතු කරන ලදි.මේ සිදුව්ම නරඹපු ප්‍රේක්ෂකයා අතරද ඔහුගේ ජේත්තුකාර කතා ව්ලාශය පිළිබඳව කනස්සල්ලක් ඇති ව්ම වැළක්ව්ය නොහැකිය.මධ්‍ය තුළින් පුන පුනා කියා සිට්යේ මධ්‍ය තුළින් පුම්බා නිර්මාණය කරන ලද ක්‍රිඩකයෙකුවු ලසිත් උද්දචව ලෙස හැසිරි මධ්‍යාට තර්ජනය කරන බවයි.පොළොවේ පය ගසා ජිවත් නොවන බවයි.මෙම සිදුව්මෙන් පසුව නොදුරු දිනකදිම ලසිත් මධ්‍ය හමුවන අතර එව්ට ඔහු කැමරා සහ මයික්‍රපෝනය දික් කරන ආතර ඔහු ඉතා කනාසල්ලෙන් යුතුව වචනයක් හෝ කතා කිරිමෙන් වැළකී රථයට ගොඩ ව් ගමන් ගන්නේ හොදම පිළිතුර මුනිවත රැකිම බව පෙන්වා දෙම්නි.
කෙසේ වුවද 2016 වසරේදි රාවය ව්කල්ප පුවත්පතට සම්මුඛ සාකච්ඡාවකට මුහුණ දෙන ලසිත් මධ්‍යට පිළිතුරු ලබා දෙන්නේ ඔහුටම අවේනික ව්ලාශයෙනි.

ප්‍රශ්නය= මාලිංග දිගට හරහට විවේචනය කළා ඒ ඇයි?

ඒ අය (මාධ්‍ය) බලාපොරොත්තුවන කෙනෙක් බවට මට පත් වෙන්න බැරි වුණ හින්දයි එහෙම වුණේ. මාධ්‍ය බලාපොරොත්තු වෙනවා හැමෝම ඒ අය කියන විදියට, ඒ අය හිතන විදියට ඉන්න ඕනෑ කියලා. ඒ ඉරෙන් පනිනවා නම් පන්න පන්නා ගහනවා. මට වුණේත් ඒක. එහෙම ගහන ගමන් මට කිව්වා, මාව හැදුවේ මාධ්‍ය කියලා. මම කිව්වා, අපරාදෙනේ මාව විතරක් හැදුවේ, තව මම වගේ දහයක් හැදුවා නම් ගොඩ නේ කියලා. ඔන්න ඉතින් පරල වුණා. මම කියන දේ කියනවා. මාධ්‍යයට ක්‍රිකට් ක්‍රීඩකයෙක් හදන්න බෑ. හැදුණු ක්‍රිකට් ක්‍රීඩකයෙක්ව උඩ දාලා ඒ අයටත් බැබලෙන්න පුළුවන්. මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණේ මගේ දක්‍ෂතාවට. මම විකට් ගත්තේ මගේ හැකියාවට. ඉතින් මාධ්‍ය තමයි මාව හැදුවේ කිව්වාම මම මොනවද නොකියා ඉන්න ඕනෑ.

ප්‍රශ්නය=ඔබ මාධ්‍ය එක්ක තරහද?

තරහකුත් නෑ, යාළුකමකුත් නෑ. හැබැයි මම කියන්නේ පොත්ත අත ගාලා අරටුව ගැන කියන්න එපා කියලා විතරයි. මම වෙන්න ඇති ලෝක ක්‍රිකට් ඉතිහාසයේම මේ තරම් බැණුම් අහන්නේ. ඒත් මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට කරලා තියෙන දේත් ගොඩයි. විස්සයි විස්ස ලෝක ශූරතාව දිනන්න නායකත්වය දැරුවේ මම. එක්දින කඩුලු 397ක් ලබාගෙන තියෙනවා. ටෙස්වල කඩුලු සියයක් ලබාගත්ත හතර දෙනාගෙන් කෙනෙක් මම. විස්සයි විස්ස ලෝක වාර්තා හතරක් මගේ නමට තියෙනවා. ඒ මේ රට ජයග්‍රහණය කළ තරගවලදී ගත්ත ඒවා. මම අදටත් අයිපීඑල්වල එකම කණ්ඩායම නියෝජනය කරන එකම කෙනා. බිග් බෑෂ් ගියත්, බංග්ලාදේශ ගියත් මාව ගන්නවා. ඒ හැම තැනම එක විදියට මට සාධාරණය කරනවා. කාට සෙල්ලම් කළත් එතැනදී මම අවංකයි. සමහරු කියනවා ‘මම අයිපීඑල් හොඳට ගහනවා’ වගේ කතා. මේ කතා ඇහුවාම මට හිනා යනවා. රටට හොඳට සෙල්ලම් කළ නිසා තමයි මේ හැමෝම මාව ගන්නේ.

ප්‍රශ්නය = මාලිංගට වැරදුණේ කොතැනද?

සිංහයා ඉඹින්න බැරි වුණ එක. මම විකට් අරගෙන සිංහයා ඉඹ ඉඹ හිටියා නම් මම මේ රටේ වීරයෙක්. එහෙනම් හරි ෂෝක්. එහෙම බොරු කරන්න මම ඉගෙන ගත්තේ නෑ. මට ඕනෑ වුණේ ඊයේ විකට් දෙකක් ගත්තා නම් අද හතරක් ගන්න. ඉතින් මාධ්‍යයට ඇවිත් අමුතු මූණක් දාගෙන ඉන්න මට වුවමනාවක් නෑ. පිට්ටනියෙත් ඉන් පිටතත් මේ මූණම තමයි මට තියෙන්නේ.

ප්‍රශ්නය= ඔබ විතරයි, ඔව්! මම සල්ලිවලට ක්‍රිකට් ගහන්නේ කිව්වේ.

ඔව්, ඒක අදත් කියනවා. රට වෙනුවෙන් කියලා බොරු කතා කියන්න මට බෑ. ජාතික කණ්ඩායම රට වෙනුවෙන් තමයි ක්‍රීඩා කරන්නේ. ඒත් අපි වෘත්තිකයෝ. මේක මගේ රස්සාව. උදේ ඉඳලා හවස් වෙනකම් පුහුණු වෙන්නේ රස්සාවට. මට ගෙවන්නේ ක්‍රීඩා කරනවාට. අපි හොයලා දීලායි වැටුපක් ලබන්නේ. අනෙක් හැම ක්‍රීඩකයාටම දෙන වැටුප තමයි මටත් දුන්නේ. හැබැයි කතා වුණේ මාලිංග සල්ලිවලට බෝල ගහනවා කියලා. එතකොට අනෙක් අය නිකංද ගහන්නේ. මට මේ අයට වඩා ශත පහක්වත් හම්බවුණේ නැහැ. ඒ වුණාට මම විතරයි සල්ලිවලට ගහලා තියෙන්නේ. මේක රස්සාවක්. ඉන්නකම් හොඳට රස්සාව කරනවා. එක අවංකව කරනවා. මේකෙන් අයින් වුණාම අපිට පැන්ෂන් නෑ. තව කට්ටියක් මේ රස්සාව කරයි. ඉතින් අපි ඊළඟට ජීවත් වෙන්න සෙල්ලම් කරන කාලේ හොඳට හම්බ කරගන්න ඕනෑ. එක එක ලකුණකට මෙච්චරයි කියලා කාමරවල ඉඳලා ගණන් හදන්න නරකයි. ඔය එක ලකුණ ගන්න අවුරුදු ගාණක් දාඩිය වගුරලා පුහුණු වෙලා තියෙනවා. පවුල් ජිවිත අතඇරලා කැප වෙලා තියෙනවා. මේක මම වගේ හැමෝම ඇත්ත කතා කළා නම් අද මේක වෘත්තියක් විදියට මීට වඩා සාර්ථකයි. මම අද කියන ඒවා ඉදිරියේදී ඇත්ත වෙයි.

." මාව හැදුවේ මාධ්‍ය කියලා . මම කිව්වා, අපරාදෙනේ මාව විතරක් හැදුවේ, තව මම වගේ දහයක් හැදුවා නම් ගොඩ නේ කියලා" එ කතාවේ ඇත්තක් පවති.ගාල්ල රත්ගම වැනි පිට පළාතක සිට කොළඹ පැමිණ ජාතික කන්ඩායමට ක්‍රිඩා කිරිමට ව්ශාල  වෙහෙසත් දැරිමට සිදුවණ දෙයකි.එ කැපකිරීම අපි අගය කිරිමට කුහක නොව්ය යුතුය.ක්‍රිඩකයෙකුට මධ්‍ය නොමැතිව ලොකය අතරට යාමටද නොහැකිය.මන්ද ඔවුන්ගේ නම ජත්‍යන්තර සන්නාමයක් ලෙස හදුන්වා දිමේ කටයුත්ත ඔවුන් සිදු කරයි.මධ්‍ය සමග ගනුදෙනුව සිරුමාරුවෙන් කිරිමටද ක්‍රිඩාකයන් සමත්ව්මද වැදගත්ය.
එවාගේම ලසිත් යනු මෙරට සංස්කෘතිය එලෙසම පිළිගත්  ක්‍රිඩයෙකු නොවන ආතර වෙනස් සිමා මායිමට එහා හිතන පුද්ගලයෙකි. යන්න ඔහුගේ අදහස් වලින් පැහැදිලිවේ. සිංහයා ඉඹින්න බැරි වුණ එක." මම විකට් අරගෙන සිංහයා ඉඹ ඉඹ හිටියා නම් මම මේ රටේ වීරයෙක්." එවාගේම "පන්සල් නොගියාට මම හොඳ බෞද්ධයෙක්. පන්දුවට වඳින්නේ, ඒක තමයි මට මේ තත්ත්වයට එන්න උදව් කළේ. කන්නේ, බොන්නේ, මේ විදියට හොඳ ජිවිතයක් ගෙවන්නේ, ඒ පන්දුව හින්දා"
ඔහුගේ ප්‍රකාශ වලින් සමාජ සම්මත සංස්කෘතික ලක්ෂණ නියොජනය කළ පුද්ගලයෙකු නොවන පැහැදිලිය.
තවද ඔහු එදා සිටම ප්‍රකාශ කරන ප්‍රකාශයක් වුවේ තමාන් ක්‍රිඩා කරන්නේ පුද්ගලික දක්ෂතා දියුණු කර ගැනිමට බවයි." ඔව්, ඒක අදත් කියනවා. රට වෙනුවෙන් කියලා බොරු කතා කියන්න මට බෑ. ජාතික කණ්ඩායම රට වෙනුවෙන් තමයි ක්‍රීඩා කරන්නේ. ඒත් අපි වෘත්තිකයෝ. මේක මගේ රස්සාව. උදේ ඉඳලා හවස් වෙනකම් පුහුණු වෙන්නේ රස්සාවට."  ලසිත්ගේ මතය එසේය.

 ඇත්තෙන් වානිජවාදි සමාජයක ලසිත්ගේ ප්‍රකාශයෙන් එහාට දෙයක් බලාපොරොත්තු ව්මටද බැරිය.ලසිත් අවංකව තම මතය එලිපිටම ප්‍රකාශ කරයි.80,90  දශකයේ ක්‍රිකට් වලට වඩා තත්වය වෙනස්ය.එකළ මුදලම පදනම් කරගෙන ක්‍රිකට් ගැසුවේ නැත. දුර පළාතේ වල සිට කොළඹ පැමිණෙන ක්‍රිඩකයන් අදුරන පුද්ගලයන්ගේ නිවාස වල බොඩ්ම් කාමර වල දිව් ගෙවා පුහුණු කටයුතු කළහ.ජාතික සංචිතය නියෝජනය කරන ක්‍රිඩකයන්ට පවා ඉහළ මුදල් දිමනා,සෞඛ්‍යය පහසුකම්,රක්ෂණ පහසුකම්,පුරුදු පුහුණු ව්මට පහසුකම් ආදිය තිබුණේ නැත.අර්ජුනලා 96 ලෝක කුසලාන මව්බ්මට ගෙන එන්නේ ව්ට දීර්ඝ කාලයක ව්‍යයායමයක් ප්‍රතිඵලයක් ලෙසය.ඔවුන් ක්‍රිඩකයන් එකට එකතුව කාබ් ක්‍රිඩා කළ අතීතය මතක් කළ අවස්ථාවන් මධ්‍යයෙන්ද හෙලිදරව් ව්ය.ඔවුන් එදා ක්‍රිඩා කළේ මුදල් වෙනුවෙන්ම නොවේය.

ඔවුන්ගේ ආත්ම තෘප්තිය වුවේ රට වෙනුවෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායම නියොජනය කිරිමය.වර්තමානය ඉට වඩා බෙහෙවින් වෙනස්ය.මුදල් යන සාධකය ක්‍රිකට් ක්‍රිඩාවට බලපෑම් කොට අවසන්ය.ජාතික කන්ඩායම නියොජනය කිරිමට ආමතරව අයි.පි.එල් මෙන්ම ප්‍රන්ත ක්‍රිකට් තරග ආදිය ක්‍රිඩකයන් ක්‍රිඩා කරනු ලබයි.ලසිත් අවංකව තම මතය හෙලි දරව් කරයි.තාමන් ක්‍රිඩා කරන්නේ පුද්ගලික දක්ෂතා දියුණු කර ගැනිමට බවත් එ මගින් තමාට අයි.පි.එල් වැනි තරගකාරි තරගාවලි වලට ඉල්ලුම සැපයෙන බවද ජාතික කණ්ඩායම තුළ ක්‍රිඩා කිරිම හැකියාව ලැබෙන්නේ සිය දක්ෂතා නිසා නව ඔහුගේ අදහසයි.වර්තමාන  අනෙක් ක්‍රිඩකයන්ගේ අදහස්ද එයට සමාන වන්නට පුළුවන.80,90 සමයේ ක්‍රිඩාව අද නොමැත එය ඇත්තටම වෙනස්ව් ඇත.

කෙසේ හෝ ඉහත සදහන් කළ පරිදි ලසිත් මාලිංග සහ මධ්‍ය අතර සිතල යුද්දයෙන් පාඩම් ඉගෙන ගත යුතු කොටසක් ඇත.ලසිත් මලිංගගේ අවසන් එක්දින තරගය නැරඹීමට පැමිණි හිටපු ජනාධිපතිවරයාව සහ වර්තමාන ජනාධිපතිවරයාටා ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණ ආකරය දක්නට ලැබූණහ.එහිදි හිටපු ජනාධිපතිවරයාට ලසිත් මලිංග සිය ස්තුතිය පළ කර එ මොහොතේ ජනතාවගේ උණුසුම් ප්‍රතිචාරද සජීව ලැබූණහ.නමුත් වර්තමාන ජනාධිපතිවරයාට එතරම් යහපත් ප්‍රතිචාර ලැබූණ ආකාරයක් නම් දක්නට නොලැබුණහ.එම සිද්ධිය සහ ලසිත් මලිංග සහ මධ්‍ය අතර සම්බන්ධය කුමක්ද යන්න ප්‍රශ්නයක් මතුවුණද අන්තර් සම්බන්ධයක් පවති.එදා ලසිත්ගේ දඩබ්බර කතා ව්ලාශයටම සියලු මධ්‍ය දැඩ්ව පහර දුන් අතර සමාජය තුළද දැඩ් විරෝධයක් හදන්නට සමත්ව්ය.නමුත් අද මධ්‍ය තුළින්ම නව මධ්‍ය ව්සින්ම ලසිත් මාලිංගව පුජාසනයේ තබා ඇත.කාලය කොච්චර වෙනස්ද.2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරිමේදි මධ්‍ය තුළ ව්ශාල බලයක් එකාධ්කාරියක් හිටපු ජනාධිපතිවරයාට පැවතියහ.වර්තමාන සිරිසේන ජනාධිපතිවරයාට හිතවත්ව මධ්‍ය අතලොස්සක් කටයුතු කළ අතර ජයග්‍රහණයේ ගාමක බලවේගය වුවේ Social Media නව මධ්‍ය වන අතර එ තුළින් ෆෙස්බුක් සමාජය ජාලය තුළ ඔවුහු ආතිශය ජන්ප්‍රියව් සිට් බව පැහැදිලිය.සමහරක් ඔහුට Facebook ජනාධිපති යැයි කිවේය.නමුත් ඔවුහු ඇත්තටම ජනාධිපති ව්ය.වර්තමානයේ ෆේස්බුක් සමාජ ජාලය තුළ වැඩ්යෙන්ම හාස්‍යය ව්වේචනයට පත් වන්නේද ඔහුය.හිටපු ජනාධිපතිවරයා දැන් ජනප්‍රියය.එය අපි මලිගේ අවසන් තරගය නැරඹීමට පැමිණි ජනතාවගේ ප්‍රතිචාර වලින් දුටුවහ.නමුත් ඔහුද යාමක් මතක තබා ගත යුතුව ඇත.ඔවුහු යුද ජයග්‍රහණය ලැබූ මොහොතේ ම්ට වඩා අතිශය ජනප්‍රියය.එහෙත් ජනාධිපතිවරණය පරාජය ව්ය.එදා ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ මාලිගේ අවසන් තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන්ගෙන් බහුතරය තරුණ නරඹන්නන් ලෙස නිගමනය කළ හැක.2015 ජනාධිපතිවරණයේ ජය ගැනමට තිරනණාත්මක බලවේගය වුවේ තරුණ පරපුරේ ඡන්දය භාවිතයයි.එදා ජනාධිපතිවරයාට ඡන්දය ලබාදුන් බහුතර කොටසම අද ක්‍රිඩාංගනයේදි ඔහුට ව්රෝධය එල්ල කළහ.මාලිගේ සහ මධ්‍ය අතර පැවති අරගලයෙන් පලකයන්ට ඉගෙන ගැනිමට ඇත්තේ එ නිසාය..සුනිල් ආරියරත්න අභීත කලාකරුවා ව්සින් රචිත පද පේලියකට ගායනයෙන් පණ පොවන නන්දා මාලනියගේ ගීත කොටසක් මතක් කරන්නට කැමැති වෙමු."පුජාසනයේ ඔබ හිදුවා ඔබ ඔබට පුදන ලෝකයමයි හෙට ඔබට එරෙහිව් නැගිට්න්නේ"

Comments

Post a Comment

Popular posts from this blog

ලරාගේ වර්තාව සුරක්ෂිතයි.

අරගලයෙන් පසු උද්ඝෝෂණ තහානමිද?

ලෙබනන් ඊශ්‍රායාල යුදමය තත්වයට වහාම සටන් විරාමයක් අවශ්‍ය බව එංගලන්ත අගමැති කියයි.