"ම්නිසුන්ට අසීම්තව ආදරය කළ ම්නිසෙක්"





ම්නිසුන් ලොකයේ කොතෙකුත් වාසය කරන අතර එ අතරින් අනෙකා කෙරෙහි අසීම්ත ආදරයක් සමාජයක් කෙරෙහි පදනමකින් තොරව කරන සුපිරි ම්නිසුන් බ්හි වන්නේ සියවස් ගාණකට වතාවක්ය.නම්න් රිචඩ් සොයිසා ලෙස සමස්ථ රටක් එතනින් එහාට ගොස් අන්තර්ජාතික හැදුනුම්පතකි.මුහුණ පුරාවට වැවෙන රැවුලකට උරුමකම් කියන ලද ඔහු බොහෝ වෙලාවට පරණ හමගිය ඩෙනිම් කලිසමත් නිල් පාට කොලරය සහිත කම්සයත් සැරසි දකින්නට ලැබුණි.ඔහු නළුවෙකු ලෙස කටයුතු කළ නමුත් ඉතා ලැජ්ජාශිලි පුද්ගලයෙකුවු අතර එ නිසාම වැඩ්යෙන් කතා කිරිමට පෙළැඹුණේද නැත.එ නිසාවෙන් ඇතැමෙකු ඔහු ආඩම්බර චරිතයක් ලෙස සිතුවද සත්‍යය එය නොව්ය.ඇත්තටම ඔහු සරල පුද්ගලයෙකුවු අතර නිර්ව්‍යාජ ලෙස සමාජය ඇසුරු කළ මනුස්සයෙකි. ඔහු මධ්‍යයවේදියෙකි,ලේඛකකයෙකි,කව්යෙකි,වේදිකා නළුවෙකි,ච්ත්‍රපට නළුවෙකි,ගුවන් ව්දුලි නිවේදකයෙකි,රුපවාහිනි වැඩසටහන් නිශ්පාදකයෙකි,මානව හිම්කම් ක්‍රියාදරයෙකි,දේශපාලන ව්චාරකයෙකුද වන ආතර සියල්ලටම වඩා මනුස්සකම් සපිරි මානවවාදියෙකි.ඉහළ මධ්‍යම පංතික සම්භාවයකට ආයිති රිචඩ් ඉතා චතුර ලෙස ඉංගිරිසි භාෂාව හසුරවන ලද අතර එය ආන්තර්ජාතික මට්ටමකි. රිචඩ් ව්ප්ලවවාදි දේශපාලනය හෝ අරගලකාරි මාතවාදයක් කර පින්නා ගැනිමට සමාජ වටපිටාවක් හෝ පවුල් පසුබිමක් පැවති පුද්ගලයෙකු නොව්ය.පුදුමයට පත්‍ර වන කරුණ වනුවේ පවතින සමාජය තුළ උපතින්ම ලද තම පංතියේ  වාරප්‍රසාද භුක්ති ව්දිම්න් ඉහළින්ම වැජඹෙන්නට ඔහුට හැකියාව පැවතිණි.එහෙත් තමාට උපතින්ම ලැබුණ වාරප්‍රසාද වෙනුවට  අසාධාරණයට පත්වු ජනාතාවවගේ පිල තොරා ගැනිම සහ එ වෙනුවෙන් ජිවත්වු ට්ක කාලයද ආවසනයේ ජිවිතයමද  කැප කිරිමය.සාමාන්‍ය පුද්ගලයන් තමා ජිවත්වන පංති ආවකාශයෙන් ආඩ්යක් උඩට නැගිමට ලතවෙන ආතරම ඉහළ මහලට නැගගත් තාප්පරයේ පටන් පහළ මහල ආමතක කර ඉන් නොනැවතී අවමන්ද කරයි.එවැනි තරගකාරි සමාජයක පහළ මහලයේ අසාධාරණයට ලක්වු ම්නිසුන්ව රිචඩ් නොපැකිලිව සිප වැලද ගත්හ.


රිචඩ් සොයිසා 1958 මාර්තු 18 උපත ලද අතර පියා ලුශන් සොයිසා වන අතර          මව ආචාර්ය වෛද්‍ය   සිවරම්   සරනවමුත්තුය.ඔහුට සහොදරයෙක් හා සහොදරියක්ද ව්ය.අධ්‍යාපනය ලැබූවේ ශන්ත තෝමස් ව්ද්‍යලයේය.එහිදි ඩ්.එස් ජයසේකර මහාතා ඔහුගේ සිංහල නට්‍ය රංගනය හදුනාගත් අතර 1972 අන්තර් පසාල් ශෙක්ස්පියර් ඉංගිරිසි නට්‍යයේ හොදම නළුවා බවට පත්ව්ය.ඔහු පාසලේ වාද ව්වාද කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කළේය.ලේස්ටර් ජේම්ස් පිරිස් නිර්මාණය කළ  ච්ත්‍රපටයක්වු මාර්ට්න් ව්ක්‍රමසිංහ මහාතාගේ නව කතාවක්ද වන යුගාන්තය 1983 දී රංගනයෙන් දායකවු රිචඩ් රගපැ සමාජවාදි අදහස් සහිත මාලන් චරිතය ඔහුගේ සැබෑ ජිව්තයේ පැතිකඩකි.ඔහු ච්ත්‍රපටයේ චරිතයේ ප්‍රතිභාවටද  ආන්දමට වඩා බොහෝ ගුණයක් සමාන්‍යය ජිව්තයේ   ජනයා වෙනුවෙන් පෙනි සිට්යහ.  රිචඩ් සත්‍යග්‍රහණය ච්ත්‍රපටයටද රංගනයෙන් දායක් ව්ය.   යශෝරාවය ටෙලි නට්‍යයේ රින්ස්ලිගේ චරිතය රගපැ අතර එවකට අතිශය ලෙස ජනප්‍රිය ව්ය.


පියසිලි රත්නායක මාහාතා ලංකා පුවත්පතට 2019.02.17දින රිචඩ් සොයිසා පිළිබඳව ලියන ලිපියකදි මෙසේ දක්වා ඇත.

"මිත්‍රශීලී මෙන් ම, තරමක ලැජ්ජාශිලි මිනිසකු වූ රිචඩ් භීම සමයක මිනිස් ඝාතනයන්ට එහෙිව දේශපාලනය කළේ සිය සමාජ මට්ටම උගසට තබා ය. අපි බොහෝ දෙනෙකුට රිචඩ් යනු විස්මයක් විය. ඉහළ සමාජ මට්ටමක් හිමි රිචඩ් වැන්නෙකු අප විශ්වාස කළ අපේ දේශපාලනයට සමීපව ක්‍රියාශීලීව සහාය දීම අපට මහත් විස්මයක් විය. එහෙත් ඔහු අපටත් වඩා අපේ අරගලයේදී සාමාන්‍යයෙකු විය."

ඉහත උපුටනය තුළ ඔහු  ආකල්ප දේශපාලනික වශයෙන් උතුරා යන පිඩ්ත මනුස්සයා කෙරෙහි පදනමක් නැති ආදරය මානාව ව්ද්‍යමානවේ.රිචඩ් සොයිසා ජනතාවාදි මධ්‍යවේදියෙකු ලෙස සිදුකරන සේවය විශිෂ්ටය.

*ගවේෂණත්මක ජනමාධ්‍යවේදය.

*භාෂණයේ නිදහස වෙනුවෙන් පෙනි සිට්ම.

*මානව හිම්කම් ක්‍රියාධරයෙකු සේ  කටයුතු කිරිම.

*අදහස් ප්‍රකාශ කිරිමේ ආයිතිය වෙනුවෙන් පෙනි සිට්ම.

*අත්ඩංගුවට ගැනිම්,අතුරුදහම් ව්ම්,ඝාතනය කිරිම් වලට එරෙහිව කටයුතු කිරිම.


කෙසේ වුවද මෙවැනි මානවවාදින් රැක ගැනිමට ලාංකීය සමාජය සමත් නොව්ම කානගාටුවට කරුණකි.1990 පෙබරවාරියේ 18 දින රත්‍රි ඔහුගේ නිවසට පැමිණි පිරිසක් ව්සින් මොහුව පැහැර ගන්නා ලදි.රත්‍රියේදි දෙරට තට්ටු කොට නරුමයන් ව්සින් රිචඩ්ව අවදි කළ අතර තමාන් පොලිසියෙන් බව හදුන්වා දුන්හ.කෙසේ වුවද බලහත්කාරයෙන් කොළ පැහැති ජිප් රථයක නග්ගවාගෙන රැගෙන ගිය අතර මවට එ මොහොත තුළ කළ හැකි කිසිදෙයක් නොව්ය.මව ව්සින් පාන්දර 4.30 කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් සිදු කරන ලද අතර එහි මෙලෙස සදහන් ව්ය" අංක 32 ශ්‍රී 4748 දරන කොළපාට ජීප් රථයෙන් පැමිණි කිහිප දෙනෙකු කිසිදු හේතු දැක්වීමකින් තොරව මගේ පුතා රිචඩ් ව පැහැරගෙන ගියා." මූසල රත්‍රියක් එලෙස ගෙවා දමා අළුයම උදාවුවේ හදවත් කම්පා කරන පුවතකිනි.මොරටුව  කොරළවැල්ල දුම්රියපළ අසළ වෙරළට කඩවසම් තරුණයෙක්ගේ මළ සිරුරක් ගොඩගසා තිබුණි. එ කාගෙවත් නොව සුවහසක් ජන හදවත් දිනා ගත් කලා කරුවෙකු සහ මධ්‍යවේදියෙකුවු රිචඩ් සොයිසාගේ මෘත ශරිරයයි.ධීවරයන් මාක්ස් ප්‍රනාන්දු සහ නිමල් ප්‍රනාන්දු   සොහොයුරන් දෙදෙනා පළමුවෙන් දැක තිබුණහ.මෘත ශරිරය සොයා ගන්නා ව්ට අධික ලෙස ඉදිම් පැවතුණි.හිසේ පිටුපස සහ උගුරේ වෙඩ් පැවති අතර තුවාල ව්ය.පසුදින  කළු බෝව්ල රෝහලට රිචඩ්ගේ මව සහ ඔහුගේ ම්තුරියක්වු තාරකී සිවරම් ගොස් මෘත ශරිරය හදුනා ගත්හ.ව්ජයගේ සුන්දර මුහුණ ව්රුපි වන ආකාරයට සහාසික වෙඩ්කරුවා ඉලක්ක කරගත් පරිදි රිචඩ්ගේ ස්වරනාල ව්නාශ වන පරිදි උගුරට වෙඩ් තැබීමට මිලේච්ඡයන් සහාසික ව්ය.ඔවුන් එ තරම් රිචඩ්ගේ සත්‍යයේ හඩට සහ දෝංකාරයට බ්යව්ය.


 දසමසක් ඇකයේ හොවා මෙලොවට බ්හි කළ දරුවා මහා රැක තමා ඉදිරියේදිම පැහැරගෙන ගොස් මරා දැම්ම මවකට දරා ගැනිමට හැකි දෙයක්ද එ තත්ත්වයට සමාජ කණ්ඩායමක් පත්ව්ම කොතරම් අභාග්‍ය සම්පන්න දෙයක්ද යන්න සිතීය යුතුය.වෛද්‍ය සිවරම් සරනවමුත්තු 1992 ලක්දිව පුවත්පතට මෙලෙස ලියා ඇත.
උපුටාගැනිම"
දුර ඈතක සිට රිචඞ් මා දෙස බලා සිටිනවා.මගේ පුතා බොහෝ විට මා හා කතා කරනවා.ඔහු ඔහුගේ දේශයට එදා මෙන් ම ආදරෙයි. ඔහුගේ ජනතාවට එදා මෙන් ම ආදරෙයි. මිය ගිය බොහෝ දරුවන් ඔහු වගේ ම යැයි මා හිතනවා. සත්තකින් ම මා දන්නවා දිනයක් ඒවි. නිසැක ව ම දිනයක් ඒවි. එදිනට අප නොදන්නා යම් තැනක හිඳ ඔවුන් සියල්ලන් මේ දේශයට ඒවි. රිචඞ් මෙන්ම මරා දැමුණු බොහෝ අහිංසක දරුවන් ඔවුන් ආදරය කළ මේ දේශයට ඒවි.


ඔවුන් මේ දේශයට ආදරෙයි.ඔවුන් මේ ජනතාවට ආදරෙයි. "අම්මා අපි ඔබලාට නිදහස හා ආදරය ගෙන ආවා’’ යි කියන ඔවුන්ගේ කටහඬ අපිට ඇසේවි.
රිචඞ් පුතුගේ කටහඬ මට ඇසේවි. ඉතින් ඒ දිනය එනතුරාවට මා සටන් කරනවා."

සිවරම් සරනවමුත්තු මව මෙන්ම තවත් දහසක් මව්වරු එලෙස තම දරුවන් යළිත් පැමිනෙයි කියා සිතුවද ඔවුන් පැමිණියේ නැත.රිචඩ්ගේ මව තමාගේ පුතුගේ මරණය පිළිබඳව අධික ලෙස සංවේගයට පත්වු අතර එවාගේම එකල පැහැරගත්,අතුරුදහන්වු,ඝාතනයට ලක්වු තරුණයන් කෙරෙහි පෙනි සිට්මට පෙරට ආහ. රිචඩ්ගේ සිද්ධියේ පසු ඔහුගේ මව වන වෛද්‍ය මනෝරාණි සරවනමුත්තු  නැති කර දැමූ සහ අතුරුදහන්කල දූ පුතුන්ගේ මව්වරුන් සහ වැන්දඹු බිරින්දෑවරුන් දහස් ගණනකගේ අයිතීන් වෙනුවෙන් මව් පෙ‍රමුණ පිහිටුවා එහි සභාපතිනිය වශයෙන් සුවිශේෂ කාර්යභාරයක්ද ඉටු කළාය. මව් පෙරමුණේ මංගල ජාතික සමුළුව කොළඹ නව නගර ශාලාවේ පැවැත්වූයේ 1991 පෙබරවාරි 19 රිචඩ්ගේ සිද්ධියෙන් හරියටම වසරකට පසුවය. වැලිකඩවත්තේ නිවස අතහැර කොල්ලුපිටියේ ජයවර්ධන මාවතේ නිවසක හුදකලාවේ ජීවත්වීමට වෛද්‍ය සිවරම් සරනවමුත්තු තීරණය කළහ.රිචඩ්ගේ මරණය වෙනුවෙන් යුක්‍තිය ඉටුනොව්ම ඛේදවාචකයකි.ඇසින් දුටු සක්ශි කරුවන් හත්දෙනෙක් ඉදිරිපත්වු අතර ප්‍රධාන ශක්ෂිකරුවන්ට තර්ජනද එල්ල ව්ය.1990 දී මැයි1 රත්‍රි ජාතික රුපවාහිනිය නරඹද්දි  තමාන්ගේ පුතාව පැහැර ගත් ලාල් ක්‍රිෂන්ත ධර්මසිරි රංචාගොඩව හදුනා ගත්හ.මේ පිළිබඳව එතුම්ය පැමිණිලි කළ අතර මහේස්ත්‍රාත් රෝහිණි පෙරේරා ව්සින් ඔහුව අත්ඩංගුවට ගන්නා ලෙස නියෝග කළද ආරක්ෂක ආමත්‍ය රන්ජන් ව්ජේරත්නගේ මැදිහත්වීම තුළ එය වැළකී ගියහ.
රිචඩ් ද සොයිසාව ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ලෙසින් ගොස් පැහැරගෙන ඝාතනය කොට ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රොනී ගුණසිංහ නායකත්වය දුන් පොලිස් කණ්ඩායමක් විසින් බව පසු කලක අනාවරණය විය. මෙම ඝාතනයට පොලිස්‌ පරීක්‌ෂක ලාල් ක්‍රිෂාන්ත ධර්මසිරි රංචාගොඩ, පොලිස්‌ පරීක්‌ෂක එම්.ජී.ජී. දේවසුරේන්ද්‍ර, පොලිස්‌ සැරයන් වෙඩික්‌කාරගේ සරත්චන්ද්‍ර යන අය සම්බන්ධ වූ බව අනාවරණය විය.රිචඩ් සොයිසාව ඝාතනය කළ උන්ට එරෙහිව මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු ගොනු කළේය.පසුව එය කොළඹ අලුත්කඩේ මහාධිකරණයේ විභාග ගැනුණි.2005 ඔක්තෝම්බර් මස 9 දින ව්ත්තිකරුවන් සියළු නාඩු වලින් නිදහස් ව්ය.සක්ෂිකරුවන් ලබා දුන් සක්ෂි පරස්පර විරෝධියි බව පැවසු අතර ව්ත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු වි නොමැති බව ප්‍රකාශ කළහ


රිචඩ් සොයිසා ඝාතනය පිළිබඳව රට තුළ මෙන්ම ජත්‍යන්තරවද මධ්‍ය වර්තා පළව්ය.

* රිචර්ඩ් දී සොයිසාගේ මරණය සම්බන්ධව 1990 අප්‍රියෙල් 23 වන දින ටයිම්ස් සගරාවේ ලිපියක් පළවු අතර එහි අන්තර්ගතය වුයේ ශ්‍රී ලංකා රජය විසින් මෙහෙයවන ඝාතන කණ්ඩායම් සහ ශ්‍රී ලංකාවේ සිදුවන බරපතල මට්ටමේ මානව හිමිකම් උල්ලංගනයන් පිළිබඳව ලොව දැනුවත් කිරීම නිසාවෙන් ඔහු ශ්‍රී ලංකා රජයට බලවත් තර්ජනයක් වූ බව සඳහන් විය. පසුව රජයේ මෙහෙයවීමෙන් මෙම ඝාතනය සිදුකොට ඇති බව වාර්තා විය. මෙම ලිපිය ශ්‍රී ලංකා රජය විසින් බෙදා හැරිම සහ විකිණීම තහනම් කරන ලදී.
* රිචර්ඩ් දී සොයිසා ඝාතනය වීමෙන් පසුව ඉන්ටර්ප්‍රෙස්‌ මාධ්‍ය ආයතනය විසින් 1990 විශිෂ්ටතම ඇගයීමේ සම්මානය ඔහු වෙනුවෙන් පිරිනමන ලදී.
* 2008 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී බ්‍රිතාන්‍යයේ බි.බි.සී ( BBC ) මාධ්‍ය ජාලය විසින් විනාඩි 60 ක ගුවන් විදුලි නාට්‍යයක් නිර්මාණය කොට BBC Radio4 චැනලය ඔස්සේ විසුරුවා හැරුණි. එම ගුවන් විදුලි නාට්‍යය නිෂ්පාදනය කොට තිබුනේ රිචර්ඩ් දී සොයිසා නම්වූ මාධ්‍යවේදියාගේ ජීවිතය සහ මරණය යන සිද්දීන් පාදක කොටගෙනය.
*එමෙන්ම රිචර්ඩ් දී සොයිසාගේ මව පිළිබඳව වාර්තාමය චිත්‍රපටයක් රූගත කරමින් සිටියදී ශ්‍රී ලංකා විසින් 2015 පෙබරවාරි 13 දින වාරණයට ලක් කළහ. ච්ත්‍රපටය " දේ ඩාන්සින් එලෝන් " ( They Dance Alone ) යනුවෙන් නම්කොට තිබුණි.
එවාගේම රිචඩ් සොයිසාගේ මරණය පිළිබඳව 1920 මාර්තු 20 දින කොම්සමක් පත්කරන ලෙස ව්පක්ෂය ඉල්ලා සිට්යහ.එවකට රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රන්ජන් ව්ජේරත්න ප්‍රකාශ කොට තිබුණේ සැම ම්නිමැරුමකටම කොම්සමක් පත් කළ නොහැකි බවයි.1990 ව්පක්ෂය ව්සින් එකාබද්ධ යෝජනාවක් ලෙස කොම්සමක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලන ලදි.කෙසේ වුවද එම රාජය සමයේදි එ පිළිබඳව ක්‍රියාමාර්ග නොගත් අතර මරණ මතින් බලයට පත්වු රාජයන්ද යුක්තිය ඉටු කිරිමට කටයුතු නොකළහ.



ඇත්තටම රිචඩ් සහාසික ලෙස ඝාතනය කොට දශක තිහකට ආසන්නය.එම වරදේහි බ්හිසුනුම කරුණ නම් ඔහු ම්ය ගොස් අදටත් මධ්‍යවේදින් ඝාතනය කිරිමයි.රිචඩ්ලා දැසට පෙනෙන මනසට හසුවන් කන් වලට ඇසෙන සත්‍යය එ ආයුරින්ම ඉදිරිපත් කළ ම්නිසුන්ය.අසත්‍ය සමග ඔවුනට කිසිදු  සංහිඳියාවක් නොපැවතුණි.2019.02.17 දින ලංකා පුවත්පතට රිචඩ් ගැන ලිපියක් ලියන පියසිරි රත්නායක මෙලෙස සදහන් කරයි." රිචඩ් ද සොයිසා පමණක් නොව ඩී. සිවරාම් හෙවත් තරකි, ලසන්ත වික්‍රමතුංග හා ප්‍රගීත් එක්නැලිගොඩ පවා රජය විසින් මරා දමනු ලැබුවේ ඔවුන් හුදු මාධ්‍යකරුවන් වූ නිසා නොවන බව මගේ විශ්වාසයයි. ඔවුන් මරා දමනු ලැබුවේ ඔවුන් රජයට දේශපාලනිකව අභියෝග වූ නිසා ය"එම ප්‍රකාශය ඉතාම නිවැරැදිය.රිචඩ් ඝාතනය කිරිමට පෙර පෘතුගාලයේ ඉන්ටර්ප්‍රෙස් ආයතනය  සමග ගිව්සුමක් අත්සන් කළහ.එමගින් මෙරට වන මානවහිමිකම් කඩකිරීම් පිළිබඳව තිර්ව හඩක් නැගෙයි යන්න රාජය බ්ය ව්ය.ම්නිසුන්ව සත්‍යයෙන් ඇත් කරන සුරංගනා ලෝකවල අතරමං කරන මධ්‍යකරුවන් නරුම දේශපාලකයන්ගෙන් ආරක්ෂිතය.රිචඩ්ලා ඝාතනය කළේ අපේ පිඩ්ත පංතියේ ම්නිසුන් වෙනුවෙන් තම පංතිය පවා අමතක කොට පෙනි සිට්ම නිසාය.

ආවසනයක් වශයෙන් රිචඩ්ගේ මේසය උඩ සුදු පැහැති කොළයක සටහන් කළ කව්ය සදහන් කරන්නට කැමතිය.
" සුදෝ සුදු පැහැති
හිස්‌ පිටුවක් වගේ
මමද
මිය යන අයෙක්‌ වෙමි…‘‘
 ඔහු සමහර ව්ට මරණය ඔහු වෙත වේලාසනින් පැමිණෙන බව දැන සිට්න්නට ඇත.මන්දයත් එකල සත්‍යය පැවසිම පවා මරණයට නැකම් කියන්නට හේතුවක්වු අවධියකි.කෙසේ හෝ ඔහු වසර 32ක් පමණ ඉතා කෙට් කාලයක් ජීවත්වු පුද්ගලයෙකි.එහෙත් ඔහු ජිවත්වු ට්ක කාලය  තුළ සමාජයට කළ ප්‍රගතිශීලී බලපෑම අතිමහත්ය.අසහාය ව්ප්ලවවාදි චේගුවේරාද ,ලොක පුජිත රේගේ ගායක බොබ් මර්ලේද ව්ක්ටර් හාරා නැමති අසහාය කලාකරුවන්ද ජිවත්වුවේ ඉතාම කෙට් කාලයක් වන අතර රිචඩ්ද ඔවුන්ගේම ආඩ්පාරේ ගිය ගමන නිමා කළහ.
සමාජයේ කොතෙකුත් ම්නිසුන් ඉපිදේ මැරේ යලිදු ඉපිදේ.වර්තමානයේ ම්නිසුන් පුද්ගලික සුගතිය උදෙසාම ජිවත්වේ.මමාත්වය වෙනුවෙන් අනෙකාවද ව්නාශ කරයි.එවැනි ම්නිසුන් අතර රිචඩ් යනු උඩු ගම් බලා පිහිනුවේකි.සිම්ත හෝ මනුෂ්‍යත්වයක් සොයා ගැනිමට නොහැකි සමාජයක් තුළ අසිම්තව ම්නිස් වර්ගයාට ප්‍රේම කළ රිචඩ් ඔබව මම දැතින්ම බදා ගනිම්..

                                     ඔබ හිතවත් මලී

 
   

Comments

  1. සුපිරි ❤️✌️

    ReplyDelete
  2. අවදි කළ යුතු ඉතිහාසයක් විවර කළ ඔබට ස්තුතියි...

    ReplyDelete
  3. ඉතිහාසයේ ඇතැම් තැන් අද ප්‍රතිනිර්මාණය කළ යුතු,වියයුතු යුගයක් බව හැඟුණා.අගෙයි ලිපිය

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ලරාගේ වර්තාව සුරක්ෂිතයි.

අරගලයෙන් පසු උද්ඝෝෂණ තහානමිද?

ලෙබනන් ඊශ්‍රායාල යුදමය තත්වයට වහාම සටන් විරාමයක් අවශ්‍ය බව එංගලන්ත අගමැති කියයි.